Jul 23, 2020

මෙන්ඩිස් 25න් පහළ ලෝක ටෙස්ට් කණ්ඩායමට Featured

විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් නම් කළ වයස අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ඇතුළත්ව තිබේ.

මෙම ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් ව ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද කුසල් මෙන්ඩිස්ය.

විස්ඩන් සගරාවේ සංස්කාරක මණ්ඩලය විසින් වයස අවුරුදු 25 හෝ ඊට අඩු වයස් කාණ්ඩයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් පසුගියදා නම් කළ අතර එම කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්ව නම් කර තිබීමද විශේෂත්වයකි.

කුසල් මෙන්ඩිස් 2016 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 176 විස්ඩන් සඟරාව නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම ටෙස්ට් ඉනිම් අතරින් එකක් ලෙසය.එමෙන්ම නවසීලන්තයට එරෙහිව 2018 වසරේ නොදැවි ලකුණු 141ක් රැස්කිරීම සහ දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවි ලකුණු 84ක් රැස් කිරීම ඇතුළු දක්ෂතා හේතුවෙන් කුසල් මෙන්ඩිස්ව මෙම කණ්ඩායමට නම් කළ බව විස්ඩන් සඟරාව අනාවරණය කරයි.

අදාළ කණ්ඩායම පහතින් දැක්වේ. 

ඒඩන් මාක්‍රම් – දකුණු අප්‍රිකාව, ඩොම් සිබ්ලි – එංගලන්තය, කුසල් මෙන්ඩිස් – ශ්‍රී ලංකාව, * බාබර් අසාම් – පාකිස්තානය (නායක), ඔලී පොප් – එංගලන්තය, රිෂාබ් පාන්ට් – ඉන්දියාව, (කඩුළු රකින ක්‍රීඩක), සෑම් කරන් – එංගලන්තය, රෂිඩ් ඛාන් – ඇෆ්ගනිස්තානය, ජොෆ්රා ආචර් – එංගලන්තය, කගීසෝ රබාඩා – දකුණු අප්‍රිකාව, ෂහීන් අෆ්රිඩි – පාකිස්තානය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top