Jul 28, 2020

සංගා ගංගුලිට සහය පළ කරයි Featured

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සඳහා තරග වදින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලිට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සිය සහයෝගය පළ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

දක්ෂ ක්‍රිකට් නුවණක් සහ පරිපාලනයේ ඇති හසළ අත්දැකීම අනුව සෞරව් ගංගුලි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සඳහා සුදුසුම පුද්ගලයා බව කුමාර් සංගක්කාර සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවට ඉහළ සේවයක් කිරීමට සෞරව් ගංගුලි සමත් වනු ඇති බවට කුමාර් සංගක්කාර විශ්වාසය පල කරයි.

තාමාද ගංගුලිගේ රසිකයෙකු බවද සංගක්කාර පෙන්වා දී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top