Jul 28, 2020

ලංකා ප්‍රිමියර් ලීගයට විදෙස් ක්‍රීඩකයින් 70ක්

ලන්කන් ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ක්‍රිකට් ආයතනය ඊයේ (27) නිවේදනය කළේය.

ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ, දඹුල්ල සහ හම්බන්තොට සූරියවැව යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් මෙම තරගාවලිය පැවැත්වීමට වීමට නියමිතය.

කෙසේ වෙතත් මේ වනවිට විදේශීය ක්‍රීඩකයන් 70 දෙනකුට ඉහළ ප්‍රමාණයක් මෙන්ම නම් දැරූ පුහුණුකරුවන් 10 දෙනකු මෙම තරගාවලියට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.  

කණ්ඩායම් 5ක් සහභාගි වීමට නියමිතව ඇති මෙම තරගාවලියේ කාලසටහන පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top