වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසයි.
ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප්රදායක් පැවතිය ද වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය තමා හුදකලා කර ඇති බව ද එහි සඳහන්ය.
මේ වන විට සිදුවන ක්‍රියාවලිය තුළ අනාගතයේදී තමා ක්‍රීඩාවෙන් උපයා ගත් කීර්තිනායමට හානී කර ගැනීමට සූදානම් නොමැති බව ද ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.