ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති හදිසි රැස්වීමකදී විධායක කමිටුව ඒකමතිකව මේ තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.
නව උපසභාපතිවරයා පත් කිරීම ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව සිදුවූ බවත් හිටපු උපසභාපති කේ. මතිවානන්ගේ ඉල්ලා අස්වීම සිදුවූයේ ආයතනයේ නිලධාරියකු ලෙස ඔහු විසින් කරනු ලැබූ විනය විරෝධී හැසිරීමක් සම්බන්ධව පරීක්ෂණයක් සිදු කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ පසුබිමකදී බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්