ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 20 වැනිදාට යෙදී තිබීම නිසාය.
ලබන සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියමයට අනුව කිසිදු ක්‍රීඩකයෙකුට ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන අතරවාරයේදී ඉන් ඉවත්ව අයි.පී.එල්. හෝ වෙනත් තරගාවලියක් සඳහා සහභාගි වීමට නොහැකි බව දැක්වේ.
එසේම මාලිංගට සහ උදානට එක්සත් අරාබි එමීර්හිදී පැය 72ක කාලයක් නිරෝධායනය වීමද අනිවාර්ය වී ඇති අතර සිය කණ්ඩායම් හා එක්වීමට මත්තෙන් අවම වශයෙන් ඔවුන්ට මුල් දින කිහිපය මගහැරෙන බවද වාර්තා වේ.
මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරමින් තරගාවලියට එක්වීමට නියමිත අතර උදාන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලිය හා එක්වේ.