Aug 02, 2020

IPL නරඹන්නන්ට විවෘත වෙන හැඩයි Featured

මෙවර අයි පී එල් තරඟමාලාවේදී ක්‍රීඩාංගණ වෙත නරඹන්නන් සීමිත පිරිසක් කැඳවීමට එක්සත් අරාබී එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.

රජයේ අනුමැතිය යටතේ එම අවස්ථාව ලබා දීමට නියමිතය.

එහිදී ක්‍රීඩාංගනවල ධාරිතාවෙන් සියයට 30 ත් 50 ත් අතර නරඹන්නන් පිරිසක් කැඳවීමයි සැලසුම වේ.

මෙවර අයි පී එල් තරඟමාලාව ලබන සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 10 වනදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top