ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශ සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජිතවරුන්ගෙන් සමන්විත එම කමිටුව එල්පීඑල් තරගාවලියට අදාළ සියලු කරුණු කාරණා පිළිබඳ එකඟතාවකට පැමිණීමෙන් පසු මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාවක් පිළියෙල කිරීමට නියමිතය.
ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ඈෂ්ලි ද සිල්වා, රවීන් වික්‍රමරත්න, චින්තක එදිරිමාන්න සහ අප්සාරි තිලකරත්න මහත්ම මහත්මිහු ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයන් දෙදෙනකු ද, ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නියෝජිතයකු සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයකු එම කමිටුවට ඇතුළත් වන බව ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
එල්පීඑල් තරගාවලිය මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඊට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70ක් සහ මුල් පෙළ පුහුණුකරුවන් 10 දෙනකුගේ දායකත්වය ලැබීමට නියමිතය.
දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වෙන එල්පීඑල් තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර, එම තරග ආර්.ප්‍රේමදාස, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.