මෙම තරගය විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායමක් පුහුණු තරගයකට ක්‍රීඩා කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය.
දෙරට අතර මිත්‍රත්වය නිරූපණය කිරීමේ සංකේතයක් ලෙස මෙවැනි තරගයක් සංවිධාන කළ බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් තරගයට පෙරාතුව පැවති විශේෂ භෝජන සංග්‍රහයේදී පවසා තිබිණි.
ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර මනූකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්රේලිනු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 169 ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුලූ 5 ක් පමණක් දැවී එම ලකුණු ප්‍රමාණය රැස්කරගත්තේය.
(දර්ශන අනුග්‍රහය cricket.com.au)
නිරෝෂන් දික්වැල්ල සහ නායක උපුල් තරංග ලකුණු 47 බැගින් ලබාගත්හ.
ලසිත් මාලිංග වසරකට පමණ පසුව මේ තරගයෙන් තරගකාරි ක්‍රිකට් පිටියට පිවිසි අතර ඔහු පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමද කැපී පෙනුනි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු විස්සයි - 20 තරගය අනිද්දා (17) පැවැත්වේ.
තරගයේ විශේෂ අවස්ථා.