දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගිවිමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩි කැමැත්තකින් පසුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
බංග්ලාදේශ ක්‍රිඩකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදෙන ලෙස එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක්ද කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ලබන සතියේ සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණිමට නියමිතය.