Aug 15, 2020

දෝනි, රයිනා ජගත් ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක එම්.එස්. දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එක්කරමින් දෝනි මේ බව පවසා ඇත.

දෝනි ගේ නායකත්වය යටතේ ඉන්දියාව ICC කුසලාන ත්‍රිත්වයක් දිනාගැනීමට සමත් විය. ඒ, 2007 ඕවර 20 ලෝක කුසලානය, 2011 දී සීමිත ඕවර ලෝක කුසලානය, 2013 ICC ශූරයන් ගේ කුසලානය හා 2007 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියයි. මේ අනුව, ඔහු ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ ඉන්දියාවේ සාර්ථකම ක්‍රිකට් නායකයා ලෙසයි.

වසර 2014 දෙසැම්බර් මාසයේදී ටෙස්ට් පිටියට සමුදුන් දෝනි, සීමිත ඕවර හා පන්දුවාර විස්සයි 20 තරග වල ක්‍රීඩා කළේය. ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් ඉන්දීය ක්‍රීඩකයන් අතරින් ඔහු පස්වැනි ස්ථානයේ සිටියි.

මේ අතර, ඉන්දීය ජාතික වමත් පිතිකරු සුරේෂ් රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද දිනයේදී ප්‍රකාශ කර තිබේ.

ඔහුද මේ බව පවසා තිබුණේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක්කරමිනි.

(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top