Aug 17, 2020

කොරෝනා හිටපු ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකුගේ දිවිගමනට හරස් වෙයි

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු හා ඉන්දියානු කණ්ඩායමේ කළමනාකරුවෙකුද වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්වතෙි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බවද රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් ඇති අතර මියයන විට චෙතන් චෞහාන් 73 හැවිරිදි වියෙහි පසුවු බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරුවෙක් වන සුනිල් ගවස්කාර්ගේ ආරම්භක සහකරු ලෙස ක්‍රිඩා කළ දකුණත් පිතිකරු චෙතන් චෞහාන් 1969 සිට 1981 දක්වා ඉන්දියානු කණ්ඩායම නියෝජනය කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top