ක්‍රීඩාවේ පවතින ගැටලු නිරාකරණය කිරිමට ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදිම වෙනුවෙන් සමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, මෝටර් රථ ධාවන ශ්රර ඩිලන්ත මාලගමුව සහ පිහිණුම් ශුර ජුලියන් බෝලිංද කමිටු සාමාජිකයන් ලෙස නම් කර ඇත.
කස්තුරි චෙල්ලරාජා විල්සන්, සුපුන් වීරසිංහ, රොහාන් ප්‍රනාන්දු, රුවන් කෑරගල, සංජීව වික්‍රමනායක, මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි, රොවේනා සමරසිංහ, යශ්වන්ත් මුත්තෙට්ටුවගම, අමල් එදිරිසූරිය හා තියුමි අබේසිංහ අනෙකුත් කමිටු සාමාජිකයන් වේ.
සිය ආරාධනය භාරගැනීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සාමාජිකාවන් හට ස්තූතිවන්ත වන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා ඇත.