එසේම රාජපක්ෂ මහතා කළ පත් කිරීම් වලංගුද යන්න පිළිබඳවද ගැටලුවක් මතුව ඇතැයි පැවසේ.
ඒ අනුව ඊයේ (20) නාමල් විසින් සිදු කළ ජාතික ක්‍රීඩා සභාව ද අයත්ව ඇත්තේ තේනුක විදානගමගේ මහතාටය.
ඒ ඉකුත් අගෝස්තු මස 09 වැනිදා අංක 2187/27 යටතේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද පත් කිරීම් වලට අදාළ විශය පථයන් අයත්වන්නේ රාජ්‍ය අමාත්‍යවරයාගේ විශය පථය සඳහාය.
ඒ අනුව ජාතික ක්‍රිඩා විද්‍යාතනය, ජාතික ක්‍රීඩා සභාව, සුගතදාස ජාතික ක්‍රීඩා සිංකීර්ණ අධිකාරිය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය හා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියොජිතායතනය යන ඒවායේ ආයතනික හා නෛතික රාමුව අයත්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය තේනුකටය.
එහි කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අයත් ආයතනික හා නෛතික රාමුව ලෙස දක්වා ඇත්තේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාතික තරුණසේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, සී/ස ජාතික තරුණ සේවා සමූපකාරය,නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනයයි.
කෙසේවුවද, එහි දක්වා තිබූ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩා අමාත්‍යංශය යටතට පත් කළ නොහැකි ස්වාධීන ආයතනයක් නිසා පසුව එහි සංශෝධනයක් කර ඇති බවද මේ අතර වාර්තා වේ.