ඒ උසේන් බෝල්ට් සිදුකළ කොවිඩ් -19 පරීක්ෂණයේදී ඔහු වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු ජැමෙයිකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කිරීමත් සමගිනි.
පසුගිය සිකුරාදා සිය 34 වන උපන් දිනය සැමරීමෙන් දින කිහිපයකට පසු බෝල්ට්ට මෙලෙස කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම උපන් දින සැමරුම සඳහා මුඛ ආවරණ රහිතව අමුත්තන් රැසක් සහභාගි වී ඇති බවද පැවසේ.
ජැමෙයිකාවේ මේ වන විට කොරෝනාවෛරසය ආසාදිතයන් 1,612ක් හමුවී ඇති අතර මරණ 16ක් සිදුව තිබේ.