Aug 27, 2020

ලෝක ශූර ඩිලන්තට රාජ්‍ය අනුග්‍රහය Featured

ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලෝක ශූර ඩිලන්ත මාලගමුව ට එම තරගාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය හිමිවී තිබේ.

මෙරට රාජ්‍ය අනුග්‍රහය සහිතව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා එක්වන පළමු අවස්ථාව ද මෙය වේ.

ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සැප්තැම්බර් මස 5 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ ප්‍රංශය යන රටව වලදි පැවැත්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top