Aug 30, 2020

ඔටර්ස් ක්‍රීඩා සමාජයට සිය ඉඩම ග්‍රාමසේවකට බාරදෙන්න කියයි!

නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ පිහිටි ක්‍රීඩා සමාජ කිහිපයක කළමනාකාරිත්වය පවරා ගැනීමට සැලැසුම් කර ඇතැයි ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ඒ කල්බදු කුලී ගෙවීමට හෝ සමාජ ශාලාවලා සාමාජික්ත්වයට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට අපොහොසත්ව ඇතැයි යන පදනම මතය.

මේ අතර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසන්නේ ප්‍රධාන සමාජ ශාලා තුනක් ඔවුන්ගේ බදු ගිවිසුම්වලට අදාල මුදල් වසර ගණනාවක් තිස්සේ ගෙවීම පැහැර හැර ඇති බවත්, එමඟින් රජයට ආදායම් අහිමිව ඇති බවයි.

එම සමාජ ශාලා විශාල මුදලක් අය කළද සෞඛ්‍යාරක්ෂිත නොවන තත්වයන් යටතේ ක්‍රියාත්මක බවත්, සමාජශාලාවල සාමාජිකයන් සඳහා නිසි ප්‍රමිතීන් පවත්වා ගැනීමට අපොහොසත්ව ඇතැයිද ඔහු කියා සිටී.

“මෙම සමාජ ශාලා උසස් ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාම සහතික කිරීමට අපට අවශ්‍යය” යැයිද ඔහු කියා සිටී.

ඔටර්ම් ක්‍රීඩා සමාජය, කොළඹ ජිම්කානා ක්‍රීඩා සමාජය සහ එයිටි ක්ලබ් මෙසේ බදු ගෙවීම් පැහැර හැර ඇති ක්‍රීඩා සමාජ ලෙස නම්කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ඔටර්ස් ක්‍රීඩා සමාජය පවසා තිබේ.

කෙසේවුවද, අනෙක් ක්‍රීඩා සමාජ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත දිසනායක මහතා ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ ඔටර්ස් ක්‍රීඩා සමාජයට සැප්තැම්බර් 30 වැනිදා වන විට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඉඩම ග්‍රාම නිලධාරි වෙත භාර දෙන ලෙස නියෝග කර ඇති බවයි.

මේ අතර, ඉඩම අත්පත් කර ගෙන සංවර්ධන කටයුතු සඳහා ලබාදෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් ලැබී ඇති බවත්, එය එසේ භාර නොදුනහොත් නීතිමය පියවර ගන්නා බවත්, ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටී.

ඔටර්ස් ක්‍රීඩා සමාජයේ සභාපති මහේන්ද්‍ර ද සිල්වා "ද සන්ඩේ ටයිම්ස්" පුවත්පතට පවසා ඇත්තේ වසර 87ක් පැරණි මේ ක්‍රීඩා සමාජය රජයට රුපියල් මිලියන 31 ක් ණය වී ඇති බවත්, එය දිගටම පවත්වාගනිමින් සමාජ ශාලාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා පවත්වන බවයි.

ලබන සතියේ නාගරික සංවර්ධන අධිකාරිය සමඟ තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති නමුත් අධිකාරියට කොන්දේසි පැනවිය හැකි බවද ඔහු පවසා තිබේ.

මේ අතර මේ සමාජ ශාලාව කළමනාකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයින් ඇතුළත් විය හැකි නමුත් ඒ සඳහා වැඩියෙන් සාකච්ඡා අවශ්‍ය බව ඔහු කියා සිටී.

සිය ක්‍රීඩා සමාජයේ රථගාලේ සහ ටෙනිස් පිටියේ මිනුම් ලබාගෙන ඇති බව පවසන සිල්වා මහතා එහි සැලසුම් පැහැදිළි නැතැයි ද කියා සිටී.

ලීසිං ගිවිසුමක් මත ඔටර්ස් ක්‍රීඩා සමාජය හෙක්ටයාර් 1,163 ක ඉඩමක් අත්පත් කර ගෙන ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

රුපියල් මිලියන 14 ක තැන්පතුවක් සමඟ 2005 දක්වා මේ ක්‍රීඩා සමාජය හොඳ මට්ටමක පැවතුනද, ඉන් පසුව එය දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බව සමාජ ශාලාවේ සභාපතිවරයා පවසා ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡාවල ප්‍රතිථල සම්බන්ධයෙන් සාමාජිකයින් දැනුවත් කිරීමට සමාජ ශාලාවේ වාර්ෂික මහා රැස්වීම ළඟදීම පවත්වන බවද ඔහු කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top