මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග මෙවර තරගාවලිය සඳහා සහභාගි නොවන බව නිල වශයෙන් දැනුම් දී ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දැනුම් දී ඇත.
එමෙන්ම මේ අවස්ථාවේදී පවතින තත්ත්වයන්ට වඩාත් ගැළපෙනම වේගපන්දු යවන්නා ලෙසින් ජේම්ස් පැටින්සන් මාලිංගගේ ආදේශකය ලෙස යොදා ගැනීමට තීරණය කළ බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
පසුගිය වසරේ අයි.පී.එල්. කිරුල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත ලබා දීමට පුරෝගාමී මෙහෙයක් ඉටු කළ ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගෙන ඇති පන්දු යවන්නා ලෙසින් වාර්තා අතර එක්වන අතර මේ වන විට අයි.පී.එල්. තරග 122කදී මාලිංග දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170කි.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිතය.
සබැඳි පුවත්