Sep 03, 2020

නෙයිමාර් ටත් Covid-19?

Covid-19 පරීක්ෂණයෙන් ධනාත්මක බව හෙළි වූ පැරිස් සෙන්ට්-ජර්මේන් ක්‍රීඩකයන් තිදෙනා අතර සුපිරි පාපන්දු තරුවක් වන නෙයිමාර් ද සිටින බව 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත් සේවය සඳහන් කරයි.

බ්‍රසීල ජාතික නෙයිමාර් යනු පාපන්දු ලොව වැඩිම ආදායම් ලබන ක්‍රීඩයකයෙකි. පැරිස් සෙන්ට්-ජර්මේන් විසින් 2017දී ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 263ක් ගෙවා තිබුණි.

සිය සමාජයේ පාපන්දු ක්‍රීඩකයන් තිදෙනෙකු හට කොරෝනාවෛරසය වැළඳී ඇති බවට පැරිස් සෙන්ට්-ජර්මේන් සනාථ කර තිබුණද, එම ක්‍රීඩකයන් කවුදැයි යන්න පිළිබඳව අනාවරණය කර තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට නෙයිමාර් ගේ ප්‍රකාශිකාවක් ප්‍රතික්ෂේප කර තිබේ.

(ද නිව් යෝක් ටයිම්ස් ඇසුරෙන්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top