Sep 04, 2020

කොරෝනා නිසා පාසල් ක‍්‍රිකට් උඩුයටිකුරු වෙයි Featured

කොරෝනා වසංගතයෙන් පසුව යළිත් දේශීය පාසල් ක‍්‍රිකට් තරගාවලි ආරම්භ කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය නව සැලසුම් රාශියක් සකස් කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිඛිත අවසරය ලැබීමෙන් පසුව තරගාවලි ආරම්භ කරන දින ඔවුන් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යළිත් පාසල් ක‍්‍රීඩා මේ වසර තුළදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර එහිදී ක‍්‍රිකට් තරගාවලි ආරම්භ කිරීමට අවශ්‍ය අලූත් නීති රීති සම්පාදනය කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය කටයුතු කර ඇත.

උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව නොවැම්බර් මස 11 වැනිදා වන විට වයස අවුරුදු 19න් පහළ එක්දින තරගාවලිය ආරම්භ කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය බලාපොරොත්තුවෙන් පසුවේ. 

දෙදින තරගාවලිය නවතා දැමීම හේතුවෙන් උද්ගත වන මහා ක‍්‍රිකට් තරග ගැටලූවට පාසල් ක‍්‍රිකට් සංගමය විසින් උපදෙස් දී ඇත්තේ මහා ක‍්‍රිකට් තරග පවත්වන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් ලබාගත යුතු බවයි. 

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් ක‍්‍රිකට් සංගමය විසින් වයස අවුරුදු 13න් පහළ ක‍්‍රිකට් තරගාවලිය නවතා දමා ඇති අතර ඒ වෙනුවට අලූත් තරගාවලියක් වයස අවුරුදු 14න් පහළ වශයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top