Sep 06, 2020

ඉයන් බෙල් සමුගන්නා බව කියයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඉයන් බෙල් ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

වසර 2020 වසන්තයෙන් පසුව වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ට්විටර් සටහනක් එක්කරමින් ඔහු සඳහන් කර තිබේ.

"නිවැරදි කාලය උදාවන විට තමාටම තේරුම් යන්නේ යැයි පැවසෙන කියුම නිවැරදියි. අවාසනාවකට, මගේ කාලය දැන් එළැඹ තිබේ. මනසින් ක්‍රීඩාව සඳහා ඇති උනන්දුව එලෙසම පැවතියද, මා විසින් මා අපේක්ෂා කරන ප්‍රමිතියට ක්‍රීඩාවේ නිරත වීමට මාගේ ශරීරයට අපහසුයි," යැයි ඔහු සඳහන් කරයි.

38 හැවිරිදි වියේ පසුවන ඉයන් බෙල් හට මංගල ටෙස්ට් වරම් හිමිවූයේ 2004දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

ඔහු, ටෙස්ට් ලකුණු 7727 ක්ද, එක්දින ලකුණු 5416 ක්ද, පන්දුවාර විස්සයි 20 තරග 8 කදී ලකුණු 188 ක්ද රැස්කරගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top