Sep 07, 2020

ජොකොවිච් ඇමෙරිකානු විවෘත තරගාවලියෙන් විසිවෙයි (වීඩියෝ) Featured

අංක එකේ ටෙනිස් ක්‍රීඩක නෝවැක් ජොකොවිච් ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් කර තිබේ.

ස්පාඤ්ඤයේ පබ්ලෝ කරේනියෝ බුස්තා සමග තරගයකදී තරගයේ මෙම සිදුවීම සිදුව තිබේ.

තරගය අතරතුරදී බුස්තා ට පසුපස සිටියෙදී තරමක් අපහසුතාවයට පත්ව සිටි ජොකොවිච් සිය සාක්කුවෙන් පන්දවක් ගෙන ටෙනිස් පිටිය පසුපසට පහරදුන් අතර, එය කාන්තා විනිසුරුවරියකගේ ගෙළ ප්‍රදේශයේ වැදී තිබේ.

සාමාන්‍යයෙන් ටෙනිස් පිටියේදී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු හට පහරක් එල්ල කළහොත්, ඔහු / ඇය වහාම තරඟයෙන් ඉවත් කරනු (disqualify) ලැබේ.

මේ අනුව, බුස්තෝ පූර්ව අර්ධ අවසාන වටයට සුදුසුකම් ලැබූ අතර, සය වසරකට පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි කේවළ ශූරයා ලෙස වෙනත් ක්‍රීඩකයෙකු පත්වනු ඇත.

සිද්ධියෙන් අනතුරුව ජොකොවිච් පිටව ගොස් තිබුණු අතර, තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් සමාව අයැදිමින් ඔහු පසුව සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට සටහනක් එක්කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top