Sep 08, 2020

ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමටයි තීරණය කර ඇති බව වාර්තා වේ.

ලබන වසරේ ජූලි 31 වැනිදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හී විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිතව තිබේ.

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පැලැන්තියේ විනිසුරුවන් කිහිප දෙනෙකු මෙම වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. 

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

සබැඳි පුවත්

මාලි IPL තරගාවලියෙන් ඉවත් වෙයි

චෙන්නායි සාමාජිකයින් 11කට කොරෝනා - රයිනා IPL අත් හරියි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top