Sep 11, 2020

ද. අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය අත්හිටුවයි Featured

දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව (SASCOC) විසින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය (CAS) මසක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

මෙම කාලය තුළදී CAS හි වැඩකටයුතු පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බව SASCOC පවසයි.

SASCOC වැඩබලන ප්‍රධාන විධායක රවී ගෝවේන්දර් කියා සිටියේ CAS හි ඵලදායී හා කාර්යක්ෂම වැඩිකරගැනීමේ අරමුණෙන් එම ආයතනය වඩා පවතින ඍණාත්මක බව හා පාලන ගැටළු ඉවත් කිරීම, මෙම රැඩිකල් පියවර ගැනීමට හේතුව බවයි.

පාලන ගැටළු සම්බන්ධයෙන් CAS අනුග්‍රාහකයන්ගෙන් දැඩි විවේචනයට ලක්ව තිබුණු අතර, සැප්තැම්බර් 05දා පැවැත්වීමට නියමිතව තිබූ CAS වාර්ෂික මහා සභා රැස්වීම කල් දැමීම සම්බන්ධයෙන් මණ්ඩලය විවේචනය කරමින් පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම්වල ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් 30 දෙනෙකු ලිපියකට අත්සන් තබා තිබුණි.

සාමාන්‍යයෙන් බාහිර අතපෙවීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත නොකළද, රට තුළ ක්‍රීඩාව ස්ථාවර කිරීම සඳහා වූ මෙම උත්සාහයේදී ICCයේ සහය හිමිවනු ඇති බව විශ්වාස කරන බව ගොවෙන්ඩර් පවසයි.

මේ සම්බන්ධයෙන් ICC ය සම්බන්ධ කරගැනීමට දැරූ උත්සහ ව්‍යර්ථ වූ බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

(රොයිටර් පුවත් සේවය ඇසුරෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top