Pasidol
Sathosa Ad Final Sinhala
Feb 17, 2017

ලංකාවට කඩුලු 5ක ජයක්

Update - ඕස්ට්‍රේලියාව සමඟ අද (17) මෙල්බර්න් ක්‍රීඩාංගනයේ පැවැති පළමු පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මුලින්ම පන්දුවට පහරදෙමින් ඕස්ට්‍රේලියාව සිය පන්දුවාර 20 තුළ කඩුලු 6කට ලකුණු 168ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 5ක් පමණක් දැවී තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය අත්කරගත්තේය.


නිරෝෂන් දික්වැල්ල (30) ඩිල්ෂාන් මුණවීර (44) අසේල ගුණරත්න (52) සහ චාමර කපුගෙදර (10) හා සීක්කුගේ ප්‍රසන්න (08) නොදැවී කඩුල්ලේ රැදී සිටිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ලසිත් මාලිංග සිය වේගපන්දුවෙන් ලකුණු 29 කට ඕස්ට්‍රේලියානු කඩුලු දෙකක් බිඳ හෙලීය.

ලකුණු 11කට එක් කඩුල්ලක් හා ලකුණු 52ක් රැස් කළ අසේල ගුණරත්න තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.

ජායාරූපය - ක්‍රික්ඉන්ෆෝ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top