Sep 19, 2020

IPL අද ඇරඹේ

මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (සැප්තැම්බර් 19) ආරම්භ වේ.

ලෝකයේ ක්‍රිකට් තරඟාවලි අතරින්  ධනවත්ම තරඟාවලියක් වන මෙයට ඉන්දියාවේ සහ විදේශයන්හි ඉහළ පෙළේ ක්‍රීඩකයින් සහභාගී වෙයි.

බොලිවුඩයේ ඉහළ පෙළේ තරු සහ දේශපාලකයින් ඇතුළුව ඉන්දියාව පුරා රසිකයන් ලක්ෂ ගනින් ක්‍රීඩාංගන වලට රැස්වන මෙමෙ තරඟාවලිය කොරෝනා වයිරස් වසංගතය නිසා මෙවර වෙනත් ස්වරූපයක් ගනියි.

මේ වසරේ තරඟ හිස් ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර සුපුරුදු සාද නවත්වා තිබේ.

තුන් වතාවක් ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද තරගාවලියේ ආරම්භක තරගයේදී වත්මන් ශූර මුම්බායි ඉන්දියන්ස් පිල සමඟ තරග වැදීමට නියමිතය.

සබැඳි පුවත්

ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

මාලි IPL තරගාවලියෙන් ඉවත් වෙයි

චෙන්නායි සාමාජිකයින් 11කට කොරෝනා - රයිනා IPL අත් හරියි

මාලිගේ IPL ගමන පමා වෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top