Sep 21, 2020

බංගලාදේශ ක්‍රීඩකයෙකට 'Covid-19 වැනි රෝග ලක්ෂණ'!

ශ්‍රී ලංකා සංචාරයට පෙර නිපුණතා පුහුණු කඳවුරට සහභාගී වූ 27 දෙනා අතර සිටි ක්‍රීඩකයෙකුගෙන්  'Covid-19 වැනි රෝග ලක්ෂණ' දිස්වීමත් සමග නිරෝධායනයට ලක් කර ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

ඊයේ දිනයේදී ඇරඹුනු මෙම කඳවුර පැවැත්වීමට පෙරාතුව Covid-19 පරීක්ෂණ සිදුකර තිබෙන අතර, කොරෝනා ලක්ෂණ දිස්වූ ක්‍රීඩකයා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අය ද නිරෝධායනය කර ඇත.

“සැප්තැම්බර් 18 සහ 19 යන දිනවල අත්හදා බැලූ බංග්ලාදේශ කණ්ඩායම් නිපුණතා කඳවුරේ ක්‍රිකට් ක්‍රීඩකයින් 27 දෙනාගෙන් දෙදෙනෙකු borderline negative ලෙස හඳුනාගෙන ඇති බවත්, ඉන් එක් අයෙකු 'Covid-19 වැනි රෝග ලක්ෂණ'පෙන්නුම් කරන බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක දැක්වේ.

ඔවුන්ගේ මීළඟ පරීක්ෂණ මාලාව හෙට (සැප්තැම්බර් 22) පැවැත්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top