Sep 24, 2020

ඩීන් ජෝන්ස් හෘදයාබාධයකින් මියයයි!

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන ඩීන් ජෝන්ස් හෘදයාබාධයකින් මියගොස් තිබේ.

ඉන්දියාවේ මුම්බායි නගරයේ හෝටලයක සිටියදී ඔහු හෘදයාබාධයකට ලක්වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 59 හැවිරිදි වියේ පසුවිය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ උපත ලබා ඇති ඩීන් ජෝන්ස්, ඉතා ජනප්‍රිය ක්‍රිකට් විචාරකයෙකි.

ඔහු ටෙස්ට් තරග 52කදී ලකුණු 3,631 සහ එක්දින තරග 164කදී ලකුණු 6,068ක් රැස්කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top