Sep 25, 2020

නිර්දේශය ලැබුණු විගස තරඟාවලියට දින නියම කරනවා - ඈෂ්ලි

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිර්දේශය ලැබුණු විගස ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් දින වකවානු නියම කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

ඊයේ (24) කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ මස 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවද ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 23 වැනිදා ඇරඹෙන බව මීට පෙර වාර්තා විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දන්වා තිබෙනවා ඒ අයට අවශ්‍ය කරන්නේ මොනාවද යන්න. බංග්ලාදේශ කණ්ඩායම සංචාරය සඳහා පැමිණෙන්නේ සුමාන තුනකට පෙර. ඒ සුමාන තුන සඳහා එන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ගෙවීමක් කරලා, දැනට බංග්ලාදේශ කණ්ඩායම සංචාරය පටන්ගන්න කලින් මෙහෙ පුහුණුවීම් ආරම්භ කරන්න තමයි එයලාගේ බලාපොරොත්තුව. ඒ අයගේ අවශ්‍යතාවයන් ඒ අය අපිට දන්වලා තිබෙනවා ලිඛතව. ඒ අය දන්වපු ඉල්ලීම් අපි දන්වලා තිබෙනවා බලධාරීන්ට."

බංග්ලාදේශ වේග පන්දු යවන ක‍්‍රීඩක අබු ජයෙඩ් ට කොරෝනා

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවලියේ තරග තුනකට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක අබු ජයෙඩ් හට කොවිඩ් - 19 රෝගය ආසාදනය වී ඇති බව බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
 
ශ‍්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් නේවාසික පුහුණුවක නිරතව සිටින බංග්ලාදේශ ජාතික ටෙස්ට් කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් නිලධාරීන් සහ අනෙකුත් සහය කාර්ය මණ්ඩලය ඉකුත් 22 වැනිදා කෝවිඞ් 19 පරීක්ෂණයකට භාජනය කළ අතර එහිදී අබු ජයෙඩ් හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top