මේ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිරීති අනුව මෙම සේවකයන් අනිවාර්යයෙන්ම නිරෝධායනට ලක්විය යුතුවේ.
එරට පවතින දැඩි සෞඛ්‍ය රීති අනුව, විශබීජහරණය ක්‍රියාවලිය සිදුකිරීමට එම පරිශ්‍රය දින කිහිපයකට වැසෙනු ඇති බවත් එහි කාර්ය මණ්ඩලය නිවසේ සිට සේවය කරනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
කෙසේවෙතත්, ICC ඇකඩමි ක්‍රීඩාංගණය ICC මූලස්ථානයේ පිහිටා නැති බැවින් පුහුණුවීම් කටයුතු සඳහා ආරක්ෂිත බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට IPL කණ්ඩායම් 6ක් ඩුබායි ක්‍රීඩා නගරයේ පිහිටා ඇති ICC ඇකඩමි ක්‍රීඩාංගණය පුහුණුවීම් සඳහා යොදාගනිමින් සිටියි.