මෙම අවස්ථාව 2021 මාර්තු 25 වන දින ආරම්භ වන බවත්, 'අප මග එළිය කරන බලාපොරොත්තුව' (Hope Lights Our Way) යන තේමාව යටතේ මෙම අවස්ථාව පැවැත්වෙන බවත් බලධාරීන් පවසා තිබේ.
වසර 2011දී න්‍යෂ්ටික ව්‍යවසනයක් ඇති වූ ෆුකුෂිමා ප්‍රදේශයෙන් ගමන් අරඹන ඔලිම්පික් ගිනිසිළුව, ජපානයේ ප්‍රාන්ත 47 ටම ගෙන යනු ඇත.
අඳුරු උමග අවසානයේ ඇති ආලෝකය සංකේතවත් කරමින් එය ලොවට බලාපොරොත්තුවේ ආලෝකයක් ගෙන එනු ඇති බව නිවේදනයක දැක්වේ.
Covid-19 වසංගතය හේතුවෙන් මේ වන විට 2020 ඔලිම්පික් තරගාවලිය ඇතුළු ලොව පුරා සිදුවීම් දහස් ගණනක් නවතාදමා තිබෙන අතර, ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමට දින කිහිපකයක් පමණක් තිබියදී තරගාවලිය කල්දමන බවට සංවිධායකයන් නිවේදනය කර තිබුණි.
තෝක්යෝ 2020 ඔලිම්පික් උළෙල ඇරඹීමට යොදා ඇති නව දිනය වන්නේ 2021 ජූලි 23දාය. තෝක්යෝ 2020 ප්‍රධාන විධායක නිලධාරී ටොෂිරෝ මුටෝ දැනටමත් පවසා ඇත්තේ ඔලිම්පික් උළෙල සරලව සිදුකරනු ඇති බවයි.