Oct 01, 2020

46වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මැරතන් සහ පාපැදි කතරගමදී Featured

කී‍්‍රඩා අමාත්‍යාංශය සහ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන 46 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි රේසිං තරග ලබන 10 සහ 11 වැනි දෙදින තුළ කතරගම නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පවතින කොවිඞ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපෙදෙස් මත අවම ජනගහණයක සහභාගිත්වෙන් මෙවර තරගාවලිය පැවැත්වේ. 

අදාළ තරගාවලියට සහභාගීවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලියාපදිංචි කිරීමේ වෛද්‍ය පරීක්ෂණය ලබන 09 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා කතරගම ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. 

ඒ අනුව ලියාපදිංචිය සඳහා පැමිණෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දින 14ක් ඇතුළතදී ලබා ගත් ඊ. සී. ජී. වාර්තාවක් රැුගෙන ආ යුතු බව කී‍්‍රඩා අමාත්‍යාංශය දන්වා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top