Oct 04, 2020

ඔටර්ස් ක්‍රීඩා සමාජය රජය පවරාගනියි!

බදු ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් කොළඹ 07 පිහිටි ඔටර් ක්‍රීඩා සමාජය රජයට පවරා ගෙන තිබේ.

මෙම පරිශ්‍රයෙන් ඉවත් වීමට කළමනාකාරිත්වයට පසුගිය 30දා දක්වා කල් ලබාදී තිබුණු අතර, පසුගිය සිකුරාදා දින මෙම පරිශ්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දී තිබුණි.

මේ අතර, මෙම පරිශ්‍රය නාගරික සංවර්ධන අධිකාරියට භාරදීමට නියෝග ලැබී ඇති බව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසනායක මහත්මිය 'කලම්බු ගැසට්' වෙබ් අඩවියට පවසා ඇත.

තවද, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු උපුටා දක්වමින් රජය සතු 'ඩේලි නිවුස්' වාර්තා කර ඇත්තේ මෙම පරිශ්‍රය නවීකරණය කර නවීන ක්‍රීඩා පහසුකම් සමඟ එකතු කරන බවයි.

සබැඳි පුවත්
ඔටර්ස් ක්‍රීඩා සමාජයට සිය ඉඩම ග්‍රාමසේවකට බාරදෙන්න කියයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top