Oct 06, 2020

අවිශ්ක හා සොයිසාගේ තහනම ඉවත් කිරීමට සලකා බැලෙයි Featured

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ දක්ෂතා විශ්ලේෂකයෙකුට ලබාදී තිබූ තහනම ඉවත් කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට  බලයක් තිබේද යන්න සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් වන අවිෂ්ක ගුණවර්ධන, නුවන් සොයිසා හා ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා විශ්ලේෂකයෙකු ලෙස සේවය කළ සනත් ජයසුන්දරට දූෂණ චෝදනා එල්ල කර තිබූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන් තිදෙදෙනාට අනිවාර්ය නිවාඩු ලබා දුන්නේය.

කෙසේ වෙතත් ඔවුන් තිදෙනා නීතිඥවරු මාර්ගයෙන් දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කර තිබූ අතර වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට මෙම තහනම ඉවත් කිරීමට බලයක් පවතින්නේද යන්න සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එම කමිටුවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ නීතිඥ රසික වීරතුංග යන මහත්වරුන් ඇතුළත්ව සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top