ඇෆ්ගනිස්තානයේ නන්ගාර්හාර් හී වෙළෙඳසලකට ගොස් පාර මාරුවෙමින් සිටියදී නජීබුල්ලා මෙසේ අනතුරට ලක්ව තිබේ.
අදාළ අනතුරෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ දින තුනක් පමණ ප්‍රතිකාර ගත් නජිබුල්ලා හට ශල්‍යකර්ම කිහිපයක්ම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය යන විට 29 හැවිරිදි වියේ පසුවූ නජිබුල්ලා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින තරගයකට සහ විස්සයි - 20 තරග 12කට කී‍්‍රඩා කර තිබේ.
‘‘ඇෆ්ගනිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටි ආක්‍රමණශීලි ආරම්භක පිතිකරුවා ජීවිතක්ෂයට පත්වීමෙන් අපි දැඩිව කනගාටුවට පත්වෙනවා. ඔහු හොඳ මිනිසෙක්. නමුත් ඛේදජනක රිය අනතුර ඔහුව ජීවිතක්ෂයට පත්කරමින් අපි සියල්ලන්ම කම්පාවට පත් කළා. ’’ යනුවෙන් මේ සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.
සබැඳි පුවත්
මෝටර් රථයක් ආරම්භක පිතිකරුවාව යට කරයි - ICU එකේ සිටින ඔහුට අසාධ්‍යයි