ලබන නොවැම්බර් මස 4 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තෙවැනි වරටය.
කණ්ඩායම් තුනක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වීම සඳහා චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන මේ මස අගභාගයේදී සාජා නුවර බලා පිටත්ව යෑමට නියමිත ඇතැයි වාර්තා වේ.
චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන සමඟ බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයෙන් ද ක්‍රීඩිකාවන් කිහිපදෙනකු එක්වීමට නියමිතව ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය කොරෝනා සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුව දින 6ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කරයි.