මෙම කාර්යමණ්ඩල සාමාජිකයාගේ දියණිය මිනුවන්ගොඩ පිහිටි අදාල ඇඟළුම් කර්මාන්තශාලාවේ රැකියාවේ නිරතව සිටින අතර, ඇයට Covid-19 වැළඳී ඇති පරීක්ෂණ වලින් තහවුරු වීමත් සමග RCGC කළමනාකාරිත්වය විසින් මෙම පියවර ගෙන තිබේ.
සිය ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් RCGC කළමනාකාරිත්වය පවසා ඇත්තේ මෙම උද්‍යාන කාර්යමණ්ඩල සාමාජිකයා පසුගිය සෙනසුරාදා දින (03) දක්වා RCGC හි රැකියාවේ නිරත වූ බවත්, මේ අනුව RCGC හි සියලු උද්‍යාන කාර්යමණ්ඩල සාමාජිකයන් මෙන්ම ආශ්‍රිතයින් හට අද දින සිට රැකියාවට වාර්තා නොකරන මෙන් දැනුම් දුන් බවත්ය.
ආරක්ෂිත පියවරක් ලෙස RCGC ක්රී්ඩා සමාජය අද සිට වසා දැමෙන බවත්, සියලු සේවකයන් ගේ හා සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහජනයා හා සම්බන්ධ වන සේවකයන් හට PCR පරීක්ෂණ වලට යොමුකරන බවත් එම නිවේදනයේ දැක්වේ.
මේ සම්බන්ධ සියලු ගැටළු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලට යොමු කරන මෙන් ඔවුන් ඉල්ලා සිටින RCGC කළමනාකාරිත්වය, මේ වන විට සිය වෛද්‍ය උපදේශකයින් සමඟ තත්වය තක්සේරු කරමින් සිටින බවත් ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුරටත් දැනුවත් කරන බවත් පවසයි.