Oct 09, 2020

LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරීම 19ට කල් යයි Featured

රට තුළ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑම හේතුවෙන් ඔක්තෝම්බර් මස 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) දින 10 කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 19 වැනිදා එම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන නමුත්, ඒ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමට, තරග වදින කණ්ඩායම් 5 න් එක් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකු වශයෙන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගැනීමට කණ්ඩායම් වල හිමිකාරීත්වයට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම තරගාවලිය නියෝජනය කිරීමට හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 30 ක් වේ.

සබැඳි පුවත්

IPL නොගිය මාලිව LPL කලින්ම උස්සයි

ලංකා ප්‍රිමියර් ලීගයේ මාර්ගෝපදේශ සැකසීමට කමිටුවක්

LPL යළිත් කල් යයි

මාලිගේ හා උදානගේ IPL ගමන පමා වෙයි

ලංකා ප්‍රිමියර් ලීගයට විදෙස් ක්‍රීඩකයින් 70ක්

ලංකා ප්‍රිමියර් ලීග් කල් යන ලකුණු

LPL ලබන අගෝස්තුවේ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top