Oct 09, 2020

තිසර හා චන්දිමාල් මේජර් නිලයට උසස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් අද (09) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබේ.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී මේ උසස්වීම් සිදුකර ඇත.

තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායට ගජබා රෙජිමේන්තුවේ (GR) මේජර්වරයෙකු වශයෙනුත් දිනේෂ් චන්දිමාල් යුධෝපකරණ බලකායේ (SLAOC) මේජර්වරයෙකු වශයෙනුත් ලෙස සේවය සපයනු ඇති.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායේ සේනා විධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා යුද උපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ලක්ෂ්මන් ප්‍රනාන්දු යන නිලධාරීන් ද සහභාගීවී ඇත.

තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් පසුගිය වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා එක් වූ අතර ඊට අදාළ පුහුණුව ද ලබා මෙතෙක් උපපන්න නිලධාරීන් ලෙස කටයුතු කළේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top