Oct 10, 2020

රෙශිකාට ඔලිම්පික් තනතුරක්

හිටපු ශ්‍රී ලංකා ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාවක් වන රෙශිකා උඩුගම්පොල දකුණු ආසියානු කලාපයේ නාමිකයා ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අලෙවිකරණ අනු කමිටුවට පත් කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩා කොමිෂන් සභාවේ ලේකම්වරිය ලෙස කටයුතු කරන රෙශිකා, 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවකි.

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සහ ගේට්වේ විද්‍යාලයේ ආදිසිසුවියක් වන 26 හැවිරිදි රෙශිකා, පත්වීම පිළිගනිමින් මෙම මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පොරොන්දු වී තිබේ.

රෙශිකා මේ වන විට ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගමක පූර්ණ කාලීන අලෙවිකරන නිලධාරිනියක ලෙස සේවය කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top