Oct 11, 2020

ඩිලන්තට ස්පාඤ්ඤයේදී ජය!

ඊයේ (10) ස්පාඤ්ඤයේ පැවති ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවලියේදී (Lamborghini Super Trofeo European Champioship) තමා තරග තළ ශ්‍රේණියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට හැකි වූ බව මෙරට සුපිරි ධාවන රථ ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පවසා තිබේ.

ෆේස්බුක් සටහනක් එක්කරමින් ඔහු විසින් රජය ලබාදුන් අන්‍රග්‍රහයට මෙන්ම සිය අනෙකුට අනුග්‍රාහකයින්ට හා සියලු ශ්‍රී ලාංකිකයන් හට සිය ස්තූතිය පුද කර තිබේ.

මෙම තරගාලිවයට සහභාගී වීමට මාලගමුව මහතාට රාජ්‍ය අනුග්‍රහය හිමිවූ අතර, එය, වසර 36ක් පමණ වූ වෘත්තිමය ක්‍රීඩාදිවිය තුළදී ඔහු රාජ්‍ය අනුග්‍රහය සහිතව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා සහභාගී වූ පළමු අවස්ථාවද විය.

සබැඳි පුවත් :
ලෝක ශූර ඩිලන්තට රාජ්‍ය අනුග්‍රහය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top