Oct 12, 2020

නඩාල් 13වැනි ප්‍රංශ විවෘත ශූරතාවයත් දිනයි

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ 13 වැනි ශූරතාව දිනාගැනීමට දෙවැනි ස්ථානයේ පසු වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් විය.

ඒ, ටෙනිස් පිටියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවිච් 6-0 6-2 7-5 ලෙස පරදවමිනි.

මෙය ඔහුගේ 20වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජය වන අතර, වැඩිපුරම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි දිනාගත් ක්‍රීඩකයා ලෙස ඔහු මේ වන විට රොජර් ෆෙඩරර් සමග සම මට්ටමේ සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top