නිවේදනයක් නිකුත් කරන පෘතුගාල පාපන්දු සම්මේලනය පවසා ඇත්තේ මේ වන විට නිරෝධානයනේ පසුවන රොනාල්ඩෝ සුවෙන් සිටින බවත්, ඔහු ආසාදිතයෙකු වුවත් කොරෝනාවෛරස් රෝග ලක්ෂණ නොපෙන්වන බවත්ය.
35 හැවිරිදි රොනල්ඩෝ පසුගිය ඉරිදා දිනයේදී ප්රංශයට එරෙහිවද පසුගිය සතියේදී ස්පාඤ්ඤයට එරෙහිව පැවති සුහද තරගයකටද සහභාගී වී තිබුණි.
රොනාල්ඩෝ හට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග අනෙක් සියලු පාපන්දු ක්රීඩකයන් හටද සිදුකළ PCR පරීක්ෂණ වලින් ඔවුන්ට Covid-19 වැළඳී නැතැයි සොයාගෙන තිබේ.