මෙම තරගාවලිය සම්බන්ධයෙන් එහි සාමාජිකත්ව රටවල්වල අදහස් විමසීම සිදු කිරීම පසුගිය දිනක සිදුවූ ඇති අතර එහිදී සාමාජිකයින් බහුතරයක් මෙම තරගාවලිය කල් දැමීමේ තීරණයට එකඟත්වය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ආසියානු කලාපය නියෝජනය කරන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් සහ සත්කාරකත්වය හිමි එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ජයගත් තවත් කණ්ඩායම් දෙකක් ද ඇතුළුව කණ්ඩායම 8ක් මෙම වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කොවිඩ්-19 වයිරස තත්ත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Last modified on Friday, 16 October 2020 11:38
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362