Oct 18, 2020

LPL ලංඡනය එළිදකියි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය ඊයේ (17) දිනයේදී එළිදකවා තිබේ.

නොවැම්බර් 21දා සිට දෙසැම්බර් 13දා දක්වා පැවැත්වීමට නියමිත LPL තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණය (Player Draft) හෙට (19) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මෙසේය :
රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙසින් සටහන් වන සිංහ රුවකට සමාන සිංහ රුවක හිසක් භාවිතයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල ලාංඡනය නිර්මාණය කර තිබෙන අතර ජාතික ධජයේ සටහන් වන ආකාරයෙන්ම ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම, එම නිල ලාංඡනයේ ප්‍රධාන තේමාව බවට පත්ව තිබේ.

මීට අමතරව සංස්කෘතීන් සහ උරුමයන් වල මුල් තැනක් ලබා දෙනු ලබන පොහොසත් ශ්‍රී ලාංකේය ජාතියෙහි නිදහස ගලා යෑම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය තුළ ක්‍රීඩා කරන විට ඔවුන් දක්වනු ලබන නිර්භීත ආකල්ප නිරූපනය වන ආකාරයෙන් මෙම නිල ලාංඡනය නිර්මාණය කර තිබේ.

LPL නිල ලාංඡනයේ රතු සහ තැඹිලි වර්ණ තුළ භාවිතා කිරීම මගින් ඓතිහාසික මහනුවර යුගයේ සිතුවම් සහ සීගිරි බිතුසිතුවම් මිනිස් සිත තුළට කා වැද්දීම මෙන්ම නිල සහ කහ වර්ණ උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වරුණ නිරූපණය කිරීම අපේක්ෂා කරයි.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5, සිංහ රුවේ කේශරය සඳහා යොදා තිබෙන වර්ණ වලින් පිළිබිඹු වේ. එම වර්ණ 5 ට අමතරව යොදා තිබෙන වර්ණ වලින් තරගාවලියේ හැඟීම උද්දීපනය කිරීම මෙන්ම තරගාවලියේ වේගය නිරූපණය කරනු ඇත. තවද සියළු දෙනාගේම ආදරය දිනා ගත් ක්‍රීඩාව බවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වනු ලබන නොනවතින ආශාව සහ උනන්දුවද මෙම කේශර වර්ණ වලින් පිළිබිඹු වනු ඇත. මෙම වර්ණ සියල්ල භාවිතයේ ප්‍රධාන පරමාර්ථය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙසින් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ට සමානව ආකර්ශනය වන ආකාරයෙන් පැවැත්වීම වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top