Oct 20, 2020

LPL සඳහා ක්‍රීඩකයින් තෝරා ගනියි Featured

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඊයේ (19) රාත‍්‍රියේදී සිදු කෙරිණි.

මේ සදහා කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නියෝජිතයින් එක් විය. 

පළමුව ලංකා ප‍්‍රිමියර් ලිග් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සදහා ප‍්‍රධාන ක‍්‍රීඩකයින් පස්දෙනා තෝරා ගැනීම සිදුවිය. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, දසුන් ශානක සහ තිසර පෙරේරායි යන ක‍්‍රීඩකයින් මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලයේ ප‍්‍රධාන ක‍්‍රිඩකයින් ලෙස තෝරා ගැනුණි

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් කලම්බෝ ලයන්ස් කණ්ඩායමටත්, ලසිත් මාලිංග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටත්, දසුන් ශානක දඹුල්ල හෝව්ක්ස් කණ්ඩායමටත්, කුසල් ජනිත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමටත් සහ තිසර පෙරේරා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමටත් නායකත්වය ලබාදෙයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා ආරම්භ වන අතර තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ සහ හම්බන්තොටදීය.

LPL1 670px 20 10 20

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top