Oct 21, 2020

සල්මාන් ඛාන් 'කැන්ඩි ටස්කර්ස්' ගනියි Featured

සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ගේ පවුල විසින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 'කැන්ඩි ටස්කර්ස්' කණ්ඩායම මිලදීගෙන ඇතැයි වාර්තා වේ.

මේ වබව වාර්තා කරන 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත් සේවය වාර්තා කරන්නේ සල්මාන් ගේ පියා වන සලීම් ඛාන් ද ඔහුගේ මලනුවන් වන සොහේල් ඛාන් ද මෙම ගණුදෙනුවේ හවුල්කාර පාර්ශව බවයි.

මෙම කණ්ඩායම ක්‍රීඩා කරන සියලු තරග සඳහා ඛාන් පවුලේ සොයුරන් ත්‍රිත්වය වන සල්මාන්, අර්බාස් හා සොහේල් ඛාන් සහභාගී වනු ඇති බවද එහි දැක්වේ.

පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ දැවැන්තම තරුවක් වන ක්‍රිස් ගේල් ද 'කැන්ඩි ටස්කර්ස්' පිලේ සාමාජිකයෙකු වන අතර, 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' වෙත අදහස් දක්වමින් සොහේල් ඛාන් මේ සම්බන්ධයෙන් සිය සතුට පළ කර ඇත.

"ගේල් තමයි ප්‍රධානතම චරිතය. අපට ඉතා හොඳ කණ්ඩායමක් සිටිනවා. කුසල් පෙරේරා අපගේ දේශීය තරුවයි. අපට ලියම් ප්ලන්කෙට්, වහබ් රියාස්, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් ඉන්නවා. එය තරුණ්‍යයේ හා අත්දැකීම්වල සමබරතාවයක්," යැයි ඔහු පවසා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top