Oct 31, 2020

විදෙස් ක්‍රීඩකයන් 5ක් LPL නොගහන බව කියයි

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට එක්වීමට සූදානමින් සිටි විදේශීය ක්‍රීඩකයන් 5 දෙනෙකුටම තරගාවලියට සම්බන්ධවිය නොහැකි බව දැනුම් දී තිබේ.

ඇන්ඩ්‍රි රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මලාන්, මන්වින්දර් බිස්ලා සහ ඩේවිඩ් මිලර් යන ක්‍රීඩකයන් මෙසේ තරගාවලියට එක්විය නොහැකි බව සඳහන් කර ඇත.

මිලර්, ඩු ප්ලෙසිස් සහ ඩේවිඩ් මාලන් නොවැම්බර් 27 වැනිදා ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර සීමිත පන්දුවාර තරගාවලිය හේතුවෙන් තරගාවලියට එක්නොවන බව දැනුම් දී තිබේ.

රසල් ආබාධයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. 

තරගාවලියෙන් ඉවත් වූ පස්වන ක්‍රීඩකයා වන මන්වින්දර් බිස්ලා ඊට හේතුවක් ලබා දී නොමැත.

එල් පී එල් නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top