Pasidol
Sathosa Ad Final Sinhala
Feb 21, 2017

දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට (update)

නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් දික්වැල්ලගේ තරග තහනම සම්බන්ධ යම්කිසි සහනයක් ලබාගැනීමට නියමිතය.

update-12.50pm

------------------------------------------------------------------------------------

දික්වැල්ලට හෙට තරගය තහනම්

ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට (22) දිනයේදී පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි - 20 තරගයට නිරෝෂන් දික්වැල්ල සහභාගී නොවන බව වාර්තා වේ.
 
ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔහුට පනවා ඇති තරග තහනමක් හේතුවෙනි.
 
පසුගිය ඉරිදා දින පැවත්වුනු දෙවැනි පන්දුවාර විස්සයි - 20 තරගයේදී නිරෝෂන් සිය දැවීයාමෙන් පසු හැසිරුණු ආකාරය මගින් ICC ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවත් මේ හේතුවෙන් ඔහුට සීමිත පන්දුවාර ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම තහනම් කරන බවත් ICC ය අද (21) දිනයේදී නිවේදනය කර තිබේ.
 
මේ අනුව, හෙට පැවැත්වෙන තරගය මෙන්ම ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ ඊළඟ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය වන බංගලාදේශ සංචාරයේ පළමු තරගයට ක්‍රීඩා කිරීම ඔහුට තහනම් බව එහි වැඩිදුරටත් දැක්වේ.
 
මීට අමතරව ඔහුට තරග ගාස්තුවෙන් 30%ක දඩයක් ද නියම කර ඇත.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top