Oct 31, 2020

ගේල්, වාර්තාවක් තබා දඩත් කයි

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස්ගේල් හට දඩ මුදලක් නියම වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ ඊයේ (30) අබුඩාබි හි දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති IPL තරගයේදී විනය කඩකිරීම හේතුවෙනි.

මෙහිදී ලකුණු 99 කට දැවී ගිය ගේල්, ආවේගශීලී ලෙස තම ක්‍රිකට් පිත්ත විසි කරනු ලැබූ අතර, දඩ නියම වී ඇත්තේ මේ හේතුවෙන් බව පැවසේ.

මේ අනුව ගේල් හට තරග ගාස්තුවෙන් 10%ක් මුදලක් අහිමි වනු ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගේල් වරද පිළිගෙන ඇති බව IPL තරග සංවිධායකයින් ප්‍රකාශ කරයි.

මෙම සිද්ධියට ස්වල්ප මොහාතකට පෙර නව වාර්තාවක් තැබීමට ද සමත්වීම විශේෂයකි. ඒ, ඔහු පන්දුවාර විස්සයි 20 පිටියේ හයේ පහර 1,000ක් ගැසීමට සමත් වූ පළමු ක්‍රීඩකයා වෙමිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top